Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රී වැටුප් එක්රැස් කරන පැලවත්තේ පක්ෂ අරමුදල ගැන අල්ලස් කොමිෂමෙන් විමර්ශන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප් ඔවුන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙත බැර කරන්නේද නැතහොත් වෙනත් නිශ්චිත පොදු ගිණුමකට බැර කරන්නේද යන්න පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තුවෙන් කරුණු විමසා ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් 21 වන දින උදය ගම්මන්පිල මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී. ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වැටුප් ලෙස ගෙවනු ලබන මහජන මුදල්, දේශපාලන කටයුතු සඳහා යොදාගන්නා බවත්, එය දූෂණ ක්‍රියාවක් බවත් එම පැමිණිල්ල මගින් ඔහු චෝදනා කර තිබුණි.

පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ, මෙම විමර්ශනවල වත්මන් ප්‍රගතිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් තමා නිල වශයෙන් කරුණු විමසා සිටින බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

ඒ අනුව, අදාළ වැටුප් ගෙවීම් සිදුවන ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු බලධාරීන්ගෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීමට කොමිසම මේ වන විට පියවර ගෙන ඇත.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් 1814 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

රට තුළ සහල් අතිරික්තයක් තිබියදී, සහල් ආනයනය කරන්නේ ඇයි …? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

රජරට රැජින පීලිපනී

Mohamed Dilsad

Leave a Comment