මෙරට පාරිභෝගික ජනතාවට අවම මිලකට තමන්ගේ වාර්ෂික සහල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සහ ගොවින්ගේ සුරක්ෂිතභාවය උදෙසා සෑම වසරකම පැවැති රජයන් විසින් සහතික මිල සහ ආනයන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බවත් ලක්ෂ 18ක් පමණ වී ගොවිතැනේ නියැලෙන අතර ලක්ෂ 220ක් පාරිභෝගිකයන් සිටින බවත් වත්මන් රජය බලයට පත්වීමට පෙර පොරොන්දු වූ පරිදි සහතික මිලක් වී අස්වනු සදහා නොලැබෙන බවට ගොවීන් මැසිවිලි නගන බැවින් මෙරට වී නිෂ්පාදන මිලදී ගැනීම සහ ආනයන ප්‍රවණතා සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති ගැන තමා විමසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වසරකට අප රටේ සහල් අවශ්‍යතාව මෙටික් ටොන් ලක්ෂ 24ක් බවත් යල මහ දෙකන්නයේම අක්කර 1250000ක් වගා කරන බවත් මහ කන්නයේ 65%ක් සහ යල කන්නයෙන් 35%ක අවශ්‍යතාවක් ලබන බවත් 2024 අපේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 28ක් බවත් අතිරික්ත නිෂ්පාදනයක් පවා තිබෙන බවත් වී කිලෝ 100කින් සහල් කිලෝ 65ක් 65ක් නිෂ්පාදනය වන බවත් මෙවැනි තත්ත්වයක් තුළ එක්කෝ වී ගැන දත්ත නොමැති බවත් නැතහොත් මනුෂ්‍ය පාරිභෝජනයට අමතරව වෙනත් කටයුතුවලට වී යොදා ගන්නවාද කියා සැකයක් මතුවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
දත්ත අනුව අතිරික්තයක් තිබියදී මෙට්‍රික් ටොන් 40000ක් ආනයනය කරන බවත් පිටකොටුවේ තොග මුදලාලිලාගේ මාෆියාවක් ඇති බවට රජය පවසන මොහොතක සහල් ආනයනය කිරීමේ දී ගොවියාට බරපතල ගැටලුවක් ඇති බවත් සහතික මිල 120ක් කිව්වත් අද වී කිලෝවකට ලැබෙන්නේ 85ක් හෝ 90ක් බවත් රජයේ සැලසුම් දුර්වල මෙන්ම ආනයනය හරහා රජය බදු ආදායමක් උත්පාදනය කරන බවත් මේවා සියල්ල බදු ආදායම් වැඩි කිරීමේ අයි.එම්.එෆ්. කොන්දේසි ද කියා ගැටලුවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හිගයක් ඇති මොහොතක සහල් මිල 220 සිට 230 කර මිල වැඩි කර සති 2ක් ඇතුළත් සහල් මෙට්‍රික් ටොන් 167000ක් ආනයනය කරන බවත් මේ සදහා ගහන බදු අඩු නොවන බවත් මොවුන් මේ කරන්නේ රාජ්‍ය ආදායම උත්පාදනය කර පාරිභෝගිකයාට සහ වි ගොවියාට හානියක් සිදු කිරීම බවත් වත්මන් රජය මෑත කාලයේ එනම් 2000න් පසු බඩඉරිගු වැඩි ප්‍රමාණය ආනයනය කිරීමට රජය කටයුතු කර ඇති බවත් එය මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් බවත් කොරෝනා කාලයේ පවා ගෙන්වූයේ මෙට්‍රික් ටොන් 178000ක් බවත් ස්වංපෝෂිත අතිරික්තයක් ඇති මොහොතක රජය ආනයනය හරහා ගොවියා විනාශ කර පාරිභෝගිකයා අසරණ කර බදු උත්පාදනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
