Trending Newsඑසැන පුවත්දේශීය

සාමාන්‍ය පෙළ ප්‍රතිඵළ නිකුත් කරයි. සිසුන් 13,392 දෙනෙකුට සියලු විෂයන් සඳහා ”ඒ” සාමාර්ථ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.

මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටියි. එමෙන්ම සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9ම ගත් 13,392ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී පැවසීය.

එය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15%කි. සියලුම විෂයන් අසමත් සිසුන් 2.34%ක ප්‍රතිශතයක් සිටින බවද ඇය පැවසුවාය. මේ අතර එක් එක් පළාත් අනුව වැඩිම සිසුන් පිරිසක් සමත් වී ඇත්තේ දකුණු පළාතෙන් වන අතර, එය 75.64%ක්ය.

එක් එක් පළාත් අනුව සමත් ප්‍රතිශත

බස්නාහිර  – 74.47%
මධ්‍යම  – 73.91%
දකුණු  – 75.64%
උතුරු  – 69.86%
නැගෙනහිර  – 74.26%
වයඹ  – 71.47%
උතුරු මැද  – 70.24%
ඌව  – 73.14
සබරගමුව – 73.44%  

මේ අතර ගණිතය විෂය 69.07%ක පිරිසක් සමත් වී ඇති අතර, විද්‍යාව විෂය 71.06%ක ප්‍රතිශතයක් සමත් වී තිබේ. එමෙන්ම ඉංග්‍රීසි විෂයද 73.82%ක පිරිසක් සමත්ව සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසීය. 
   
විෂයන් අනුව සමත් ප්‍රතිශතය

බුද්ධර්මය 83.21%  
ශෛවනෙරි 82.96%  
කතෝලික 90.22%  
ක්‍රිස්තියානි 91.49%  
ඉස්ලාම් 85.45%  

ඉංග්‍රීසි 73.82%  
සිංහල භාෂාව හා සාහිත්‍ය 87.73%  
දෙමළ භාෂාව හා සාහිත්‍ය 87.03%  

ඉතිහාසය 82.17%  
විද්‍යාව 71.06%  
ගණිතය 69.07% 

Related posts

වෛද්‍ය ඉල්ලීම් සඳහා විසඳුම් නැත්නම්, දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව වෛද්‍ය සංගමයෙන් දැනුම් දීමක්.

Editor O

புஸ்ஸல்லாவ அருள்மிகு ஸ்ரீ கதிர்வேலாயுத கோவில் முத்தேர் பவணி

Mohamed Dilsad

மதங்களை நிந்தித்து கருத்துத் தெரிவித்தால் சட்ட நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment