දේශීය

නාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් හදුන්වා දෙයි

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සදහා නාවික හමුදාව විසින් විෂබීජ හරණ කුටියක් හදුන්වාදී ඇත.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු කාර්මික නාවිකයින් පිරිසක් විසින් විෂබීජ හරණය සිදු කළ හැකි මෙම කුටිය නිර්මාණය කර තිබේ.

නාවික හමුදාව පවසන්නේ මෙමගින් එකවර මුළුශරිරයම විෂබීජ හරණය සිදු කිරිමේ හැකියාව පවතින බවයි.

රටේ උද්ගතවී ඇති වර්ථමාන වාතාවරණය මත විශේෂ සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා නාවික හමුදා සමාජිකයින් කඳවුරු වලින් බැහැරව රාජකාරි සිදු කර නැවත පැමි‍ණීමේදී ඔවුන් විෂබීජ හරණයකොට කඳවුරු පරිශ්‍රයන් වෙත ඇතුළු කිරීම මගින් සෞඛ්‍යාරක්‍ෂිත වටපිටාවක් නාවික හමුදා කඳවුරු තුළ පවත්වා ගැනිමට හැකියාව ලැබෙන බවයි නාවික හමුදාවපෙන්වා දෙන්නේ.

Related posts

මත්ද්‍රව්‍ය චෝදනා මත බස්නාහිරින් තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

වෙලේ සුදාගේ මස්සිනා රිමාන්ඩ්

Mohamed Dilsad

ආචාර්ය හර්ෂ ද සිල්වා රන්ජන්ගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට

Mohamed Dilsad

Leave a Comment