ගොසිප්දේශීය

ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට ITJP සංවිධානයෙන් පැමිණිල්ලක්

(UTV | කොළඹ) – යුධ අපරාධ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කොටගත් ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය නම් සංවිධානයක් (ITJP) සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා 2009 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියදී ජිනීවා සම්මුතීන් උල්ලංඝණය කළ බව පෙන්වා දෙමින් මෙම සංවිධානය එරට නීතිපතිවරයා වෙත මේ සම්බන්ධයෙන් දක්වමින් පිටු 63 කින් සමන්විත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම වරද විශ්ව අධිකරණ බලය යටතේ සිංගප්පුරුවේදී නඩු පැවරීමට යටත්වන අපරාධයක් බවද එම සංවිධානය පෙන්වා දි තිබේ

ඔහුට එරෙහිව සිංගප්පූරුවේදී නඩු පැවරීමට කටයුතු කරන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ යනු තම රටේ ආර්ථික අර්බුදය නොතකා පලා ගිය තැනැත්තෙක් බවත් මෙම සංවිධානය පෙන්වා ඇතැයි රොයිටර් පුවත්පත් සේවයේ වාර්තා කළේය.

ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීම සිංගප්පූරුවේදී භාර දුන්නේද ජූලි 13 වැනිදා එනම් රටෙන් පලා ගොස් දිනකට පසුව බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මීට පෙරද ශ්‍රීලංකාවට දිගින් දිගටම යුධ අපරාධ චෝදනා නැගීමට මුල් වූ යස්මින් සුකා ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂ ධුරය හොබවයි.

Related posts

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට ඥාතීන්ට අවසර නෑ

Mohamed Dilsad

සජිත්ගේ රැස්වීමකට ගල් ප්‍රහාරයක්

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමග සුරාබදු නිලධාරියෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment