දේශීය

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක දිවයිනට

(UTV |කොළඹ) – ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ඇතුළු එරට රජයේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සාගර ආරක්ෂාව පිළිබඳව 4 වන මට්ටමේ උපදේශක රැස්වීමකට සහභාගී වීම සදහා අද (27) මෙරටට පැමිණ තිබේ.

ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා සමග එරට ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 05 දෙනෙකු එසේ පැමිණ ඇත.

සාගර ආරක්ෂාව පිළිබඳ එම සමුළුව මෙම නොවැම්බර් මස 27 දින  සිට 28 දින දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Related posts

පාසල් ආරම්භය පිළිබඳ තීරණය දෙන්නේ සෞඛ්‍ය නිර්දේශවලින් පසුවයි

Mohamed Dilsad

එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Mohamed Dilsad

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද අයදුම් කිරීමට තවත් කාලයක්

Mohamed Dilsad

Leave a Comment