දේශීය

සජිත්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇරයුමක්

(UTV| කොළඹ) –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාට සමගි ජන බලවේගය සමග එක්වන ලෙසට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මෙම ආරාධනය සිදුකළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තමන් ඇතුළු කණ්ඩායම නිර්මාණය කරන ජනතාවාදී ගමනට සමගි ජන බලවේගය සමග එක් වන ලෙසට ශ්‍රීලනිපයේ ගම් , බිම් මට්ටමේ සියලුම දෙනාට මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා ආරාධනා කර සිටියේය.

එහිදී සග, වෙද, ගුරු, ගොවි කම්කරු සියලු දෙනාට ආදරයෙන් ආරාධනා කර සිටින බවද විපක්ෂ නායකවරයා පැවසුවා.

Related posts

කියුබාව අඳුරේ : විදුලි සැපයුම බිඳවැටේ

Editor O

විදේශ සංචිතය පහළට

Editor O

ශානි අබේසේකරට ආරක්ෂාව ලබාදීමට පියවර

Mohamed Dilsad

Leave a Comment