Trending Newsඑසැන පුවත්දේශීය

සිංහල අලුත් අවුරුද්දට පෙර රියැදුරු බලපත් ඔන්ලයින් ක්‍රමයට

එළඹෙන අප්‍රේල් මාස‍‍ෙය් සිංහල අලුත් අවුරුද්දට පෙර දිස්ත්‍රික් 25 තුළම මාර්ගගත ක්‍රමයට රියැදුරු බලපත්‍ර ලබාදීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ප්‍රකාශ කරයි..

මාර්ගගත ක්‍රමයට දිස්ත්‍රික් 11ක මෙම සේවාව දැනට ක්‍රියාත්මකය. සෙසු දිස්ත්‍රික්වල මාර්ගගත ක්‍රමයට රියැදුරු බලපත්‍ර ලබාදීමට අදාළ කටයුතු මේ වන විට සිදුවෙමින් ඇතැයිද අමරසිංහ මහතා ප්‍රකාශ කළේය. .

සියලු දිස්ත්‍රික්කවල මාර්ගගත ක්‍රමය ඔස්සේ රියැදුරු බලපත්‍ර ලබාදීමට කටයුතු කිරීමත් සමඟ මසක් ඇතුළත රියැදුරු බලපත්‍ර ලබාගත හැකිවනු ඇතැයිද ඔහු පවසයි.

රියැදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා පසුගිය වසරේ රුපියල් මිලියන 184ක් පෞද්ගලික සමාගමකට ගෙවා ඇත.

මේ වසරේ නව සමාගමක් හරහා රුපියල් මිලියන 28 වියදමකින් සේවාව ලබාගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු මඟින් මුද්‍රණ යන්ත්‍ර මිලදී ගෙන තම දෙපාර්තමේන්තුව මඟින්ම රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.

Related posts

මෙවර මහ මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල

Mohamed Dilsad

ගෑස් පෝලිමත් අත ළගයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ කෑම බිල අඩු කිරීමට ගෘහකාරක සභාවේ තීරණයක්

Editor O

Leave a Comment