දේශීය

ගෑස් පෝලිමත් අත ළගයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට ගෑස් ආනයනය කරන සමාගම් දෙක වන ලාෆ්ස් හා ලිට්‍රෝ ආයතන වෙත ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වී තිබේ.

ඒ රටේ පවතින දැඩි විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ණයවර ලිපි විවෘත කිරීමට දේශීය බැංකු අවසර නොදීමත් සමගිනි.

මේ අනුව ඉදිරි දින කිහිපය තුළ රට පුරා යළිත් ගෑස් හිඟයක් නිර්මාණය වීමට අවස්ථාව තිබේ.

මේ අතර ලාෆස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා ඩේලි මිරර් වෙත ප්‍රකාශ කර ඇත්තේ තම ගෑස් සංචිතය බොහෝ දුරට අද දිනයේදී අවසන් වෙනු ඇති බවයි.

Related posts

ජනතා විමුක්ති පෙරමුණ යනු දේශපාලන දැක්ම, දැනුම සහ චින්තනමය වශයෙන් ඉතාම දුප්පත් ව්‍යාපාරයක් – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

Editor O

පාස්කු වින්දිත කාන්තාවක් අභියාචනාධිකරණයට

Mohamed Dilsad

විජේවීර ඝාතනය ට තමා සම්බන්ධ බවට ප්‍රකාශ නිකුත් නොකරන ලෙස අශෝක තෝරදෙනිය ඉල්ලු වාරණ නියෝගය විසිවෙයි !

Editor O

Leave a Comment