කලා

බොලිවුඩයට පෑයූ අලුත්ම තරුව

(UTV | ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන හර්බජන් සිං රංගන දායකත්වය ලබාදෙන චිත්‍රපටයක රූගත කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව බොලිවුඩයෙන් වාර්තා වෙයි. 

‘ෆ්‍රේන්ඩ්ශිප්’ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය සඳහා ජනප්‍රිය දකුණු ඉන්දීය නළු නිළියන් කිහිප දෙනෙකුම සිය දායකත්වය ලබාදී තිබේ.

දකුණු ඉන්දීය සුපිරි නළු අර්ජුන්ද මෙම චිත්‍රපටය සඳහා එක්ව සිටින අතර, මේ දිනවල ගෝවා නගරයේ සිදු කෙරෙන මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා ඔහු සහභාගී වී සිටින බවට ද තොරතුරු වාර්තා වෙයි.

Related posts

ඇවෙන්ජර්ස්හි සුපිරි වීරයන්ගේ ඇදුම් වෙනස් වෙයි…

Mohamed Dilsad

‘බ්ලැක් පැන්තර්’ දෙවන්නට මාටින් ෆ්‍රීමන්ට අවස්ථාවක්

Mohamed Dilsad

ජෝකර් චිත‍්‍රපටයේ ජෝකර් ලොව හොඳම සිනමා නළුවා වෙයි

Mohamed Dilsad

Leave a Comment