දේශීය

අධි සුඛෝපභෝගි බස් රථ 17 කට නඩු පැවරේ

(UTV | කොළඹ) – උතුරු – නැගෙනහිර පළාත්වල ධාවනයේ යොදවා තිබූ ලියාපදිංචි නොවූ දුරගමන් සේවා අධි සුඛෝපභෝගි බස් රථ 17 කට නඩු පැවරීමට ජාතික ගමනාගමන කොමිසම කටයුතු කර තිබේ.

ස්ථාන කිහිපයක සිදුකළ හදිසි වැටලීම්වලදී මෙම බස්රථ හොයාගත් බව සඳහන්.

ගමනාගමන කොමිසම සඳහන් කළේ මෙම බස් රථවලට කිහිප අවස්ථාවකදී ඒවා ලියාපදිංචි කරන ලෙසට දැනුම් දී තිබූ බවයි.

තවද, මෙම බස් රථ රාත්‍රී කාලයේදී කොළඹ – වැල්ලවත්ත හා දෙමටගොඩ වැනි ප්‍රදේශවල ජනතාවගෙන් මුදලක් අය කරමින් ධාවනය කර ඇති බව අනාවරණය වී තිබේ.

Related posts

පොහොට්ටුවේ පළාත් පාලන සභිකයන් ස්වාධීනයි.

Editor O

‘ගෝඨාභයට ලංකාවෙන් යන්න ඉන්දියාව උදව් කළේ නෑ’ – ඉන්දීය මහ කොමසාරිස්

Mohamed Dilsad

කොවැක්සීන් එන්නතට WHO අනුමැතිය තවමත් නැහැ

Mohamed Dilsad

Leave a Comment