දේශීය

අධි සුඛෝපභෝගි බස් රථ 17 කට නඩු පැවරේ

(UTV | කොළඹ) – උතුරු – නැගෙනහිර පළාත්වල ධාවනයේ යොදවා තිබූ ලියාපදිංචි නොවූ දුරගමන් සේවා අධි සුඛෝපභෝගි බස් රථ 17 කට නඩු පැවරීමට ජාතික ගමනාගමන කොමිසම කටයුතු කර තිබේ.

ස්ථාන කිහිපයක සිදුකළ හදිසි වැටලීම්වලදී මෙම බස්රථ හොයාගත් බව සඳහන්.

ගමනාගමන කොමිසම සඳහන් කළේ මෙම බස් රථවලට කිහිප අවස්ථාවකදී ඒවා ලියාපදිංචි කරන ලෙසට දැනුම් දී තිබූ බවයි.

තවද, මෙම බස් රථ රාත්‍රී කාලයේදී කොළඹ – වැල්ලවත්ත හා දෙමටගොඩ වැනි ප්‍රදේශවල ජනතාවගෙන් මුදලක් අය කරමින් ධාවනය කර ඇති බව අනාවරණය වී තිබේ.

Related posts

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් 1,186 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ විශ්ව විද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත් කරයි

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment