දේශීය

පෞද්ගලික අංශයේ වැටුප් ඉහළට

(UTV | කොළඹ) – පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 12,500 දක්වා වැඩි කරන බව රජය පවසයි.

නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන පවසන්නේ රුපියල් 10,000ක්ව පැවැති මාසික වැටුප රුපියල් 12,500 දක්වා මෙලෙස වැඩි කෙරෙන බවයි.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත වැඩිවන ජීවන වියදම සලකා බලා මෙම තීරණය ගෙන තිබේ.

ඊට අමතරව අවම දෛනික වැටුප රුපියල් 400 සිට 500 දක්වා වැඩි කිරීමටද නියමිතය.

මේ සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

Related posts

ඇමෙරිකාව විසා ගාස්තු ඉහළ දමයි

Editor O

හජ් වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුමෙන් ජීවිතක්ෂයට

Editor O

වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට රජය සූදානම්

Mohamed Dilsad

Leave a Comment