දේශීය

කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවකයින් නිවෙස් වෙතට

(UTV | කොළඹ) – කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවය කරමින් සිටි පිරිස් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) ආරම්භ කර ඇත.

ඒ අනුව 5,000 කට අධික පිරිසක් කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත අලුයම 5.00 සිට පැමිණ සිටින බව වාර්තා වෙයි.

මෙසේ කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත පැමිණි සේවක පිරිස් මුලින්ම කටුනායක පොලීසිය පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ ලියාපදිංචි විය යුතුයි.

ඉන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කර බස් රථ වෙත ඇතුළු කිරීම සිදු කරයි.

Related posts

ලෝ පුරා කොරෝනා ආසාදිතයින් විසි දෙලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

ප්‍රධාන රෝහල්වලට පැමිණෙන රෝගීන් අහඹු ලෙස PCR පරීක්ෂණවලට

Mohamed Dilsad

IMF සමාලෝචන අවසන් වන තෙක් ප්‍රතිසංස්කරණවල වෙනසක් නෑ – මුදල් රාජ්‍ය ඇමති

Mohamed Dilsad

Leave a Comment