දේශීය

කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවකයින් නිවෙස් වෙතට

(UTV | කොළඹ) – කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවය කරමින් සිටි පිරිස් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) ආරම්භ කර ඇත.

ඒ අනුව 5,000 කට අධික පිරිසක් කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත අලුයම 5.00 සිට පැමිණ සිටින බව වාර්තා වෙයි.

මෙසේ කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත පැමිණි සේවක පිරිස් මුලින්ම කටුනායක පොලීසිය පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ ලියාපදිංචි විය යුතුයි.

ඉන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කර බස් රථ වෙත ඇතුළු කිරීම සිදු කරයි.

Related posts

වෑතර ප්‍රදේශයෙන් මාළු මිලදී ගත් පිරිස් ඇත්නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න

Mohamed Dilsad

ජනකගෙන් ඇමති කංචන ට සැර පිළිතුරක්

Mohamed Dilsad

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවට අනතුරු අඟවයි.

Editor O

Leave a Comment