දේශීය

නාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් හදුන්වා දෙයි

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සදහා නාවික හමුදාව විසින් විෂබීජ හරණ කුටියක් හදුන්වාදී ඇත.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු කාර්මික නාවිකයින් පිරිසක් විසින් විෂබීජ හරණය සිදු කළ හැකි මෙම කුටිය නිර්මාණය කර තිබේ.

නාවික හමුදාව පවසන්නේ මෙමගින් එකවර මුළුශරිරයම විෂබීජ හරණය සිදු කිරිමේ හැකියාව පවතින බවයි.

රටේ උද්ගතවී ඇති වර්ථමාන වාතාවරණය මත විශේෂ සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා නාවික හමුදා සමාජිකයින් කඳවුරු වලින් බැහැරව රාජකාරි සිදු කර නැවත පැමි‍ණීමේදී ඔවුන් විෂබීජ හරණයකොට කඳවුරු පරිශ්‍රයන් වෙත ඇතුළු කිරීම මගින් සෞඛ්‍යාරක්‍ෂිත වටපිටාවක් නාවික හමුදා කඳවුරු තුළ පවත්වා ගැනිමට හැකියාව ලැබෙන බවයි නාවික හමුදාවපෙන්වා දෙන්නේ.

Related posts

හිටපු ඇමති අකිල විරාජ්ගෙන් අල්ලස් කොමිෂම ට ප්‍රකාශයක්

Editor O

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය : කෝටිපති ව්‍යාපාරිකයාට හා පුතාට ඇප

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් ලොව පුරා මියගිය ගණන 42100 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment