දේශීය

පූජිත්ගේ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති නම් කරයි

(UTV | කොළඹ) –  හිටපු පොලිස්පති පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව පෞද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) අවසර ලබාදුන්හ.

තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඔහු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකරනු ලැබීය.

අදාළ පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී පෙත්සම්කාර පාර්ශවය සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සලකා බැලීම මැයි මස 26 වනදා තෙක් කල් තැබුවේය.

පූජිත් ජයසුන්දර සිය පෙත්සමෙන් කියා සිටින්නේ පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගත් බවයි.

Related posts

කොවිඩ් පාලනයට දිස්ත්‍රික්ක 25ට හමුදා නිලධාරීන් පත් කෙරේ

Mohamed Dilsad

පළවන අසත්‍ය වාර්තාවක් ගැන මහබැංකු අධිපතිගෙන් ට්විටර් පණිවුඩයක්

Mohamed Dilsad

ප්‍රදේශ කීපයකට තද වැසි සහ සුළං

Mohamed Dilsad

Leave a Comment