දේශීය

දකුණේ වැඩිහිටි නිවාස සදහා වියළි ආහාර සති දෙකකට ගබඩා කරගන්නැයි උපදෙස්

(UTV | කොළඹ) –  දකුණු පළාතේ වැඩිහිටි නිවාස සදහා අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ඉදිරි සති දෙක සදහා ගබඩා කරගන්නා ලෙස සමාජ සේවා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

දැනට දකුණු පළාතේ වැඩිහිටි නිවාසවල ආහාර හිඟයක් නොමැති බවත් , ප්‍රාදේශිය ලේකම්වරුන් සමග සාකච්ඡාකොට සතොස සමුපාකාර මඟින් වියලි ආහාර ද්‍රව්‍ය තව සති දෙකකට ගබඩා කරගන්නා ලෙස සමාජ සේවා නිලධාරීන්ට උපදෙස් දුන් බවද දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසයි.

එමෙන්ම වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන් සදහා අවශ්‍ය ඖෂධ වර්ග ද ගබඩා කරගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති අතර අවශ්‍ය මුදල් සමාජසේවා දෙපාර්තමේන්තු මගින් ලබාදෙන බවද ඔහු පෙන්වා දෙයි.

දකුණු පළාතේ වැඩිහිටි නිවාස 49 ක වැඩිහිටි පුද්ගලයින් 1600 ක් සිටින බව පෙන්වා දෙන පරිවාස කොමසාරිස්වරයා කිසිදු බාහිර පාර්ශවයකට ඒ සදහා ඇතුල්වීමට ද තහනම්කර තිබේ.

Related posts

රංජන් රාමනායකගේ අලුත් පක්ෂයට ඩිල්ෂාන් සහ වඩිවෙල් සුරේෂ් එකතු වෙයි.

Editor O

පොලිස්පති පත් කිරීම කල් යයි.

Editor O

වාහන දඩ ගෙවීමට අලුත් ක්‍රමවේදයක්

Mohamed Dilsad

Leave a Comment