දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක කිහිපයකට හැර සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවතට

(UTV |කොළඹ ) – බස්නාහිර පළාත, උතුර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා පනවා තිබු ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට පෙරවරු 6.00 ට ඉවත් කළ ඇදිරි නීතිය යළි දහවල් 12.00ට පැනවීමට නියමිතව ඇත.

උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ සහ පුත්තලම දිස්ත්‍රික්කය සඳහා පනවා ඇති ඇදිරි නීතිය හෙට(27) පෙරවරු 6.00ට ඉවත් කර යළි හෙට දහවල් 12.00ට ඇදිරි නීතිය පැනවේ.

බස්නාහිර පළාතේ කොළඹ , ගම්පහ , කළුතර යන දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇදිරි නීතිය නැවත දැනුම්දෙන තුරු තවදුරටත් බල පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඇඳිරි නීතිය තාවකාලික ඉවත් කළ ද දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම් කර තිබේ.

එසේම විදේශිය සංචාරකයින් තැනින් තැනට ගෙන යාමද සම්පුර්ණයෙන්ම තහනම් බව නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරනු ලබන්නේ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමට බව ද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සමග, ජපානයේ දී විජිත අත්සන් කළ ගිවිසුම

Editor O

එක්සත් රාජධානියෙන් ලංකාවට විශාල වෙළඳ සහනයක්

Mohamed Dilsad

ඇඟලුම් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවයට රජයෙන් නිසි පියවර

Mohamed Dilsad

Leave a Comment