දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක කිහිපයකට හැර සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවතට

(UTV |කොළඹ ) – බස්නාහිර පළාත, උතුර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා පනවා තිබු ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට පෙරවරු 6.00 ට ඉවත් කළ ඇදිරි නීතිය යළි දහවල් 12.00ට පැනවීමට නියමිතව ඇත.

උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ සහ පුත්තලම දිස්ත්‍රික්කය සඳහා පනවා ඇති ඇදිරි නීතිය හෙට(27) පෙරවරු 6.00ට ඉවත් කර යළි හෙට දහවල් 12.00ට ඇදිරි නීතිය පැනවේ.

බස්නාහිර පළාතේ කොළඹ , ගම්පහ , කළුතර යන දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇදිරි නීතිය නැවත දැනුම්දෙන තුරු තවදුරටත් බල පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඇඳිරි නීතිය තාවකාලික ඉවත් කළ ද දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම් කර තිබේ.

එසේම විදේශිය සංචාරකයින් තැනින් තැනට ගෙන යාමද සම්පුර්ණයෙන්ම තහනම් බව නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරනු ලබන්නේ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමට බව ද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

මැතිවරණ මහලේකම් කාර්යාලය මඟින් නිරීක්ෂණ කණ්ඩායමක්

Mohamed Dilsad

සර්වජන බලය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම 31 වෙනිදා

Editor O

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට වෙනම නිරෝධායන මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

Leave a Comment