දේශීය

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට වෙනම නිරෝධායන මධ්‍යස්ථානයක්

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නිරෝධායනය කිරීම සඳහා වෙනම මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අවධානය යොමුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයින්ගේ දත්ත රැස් කිරීම ආරම්භ කර ඇති බවයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් නිසා කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බවත් ඉන් වැඩි පිරිසක් දිවි ගෙවනුයේ කොරෝනා අවදානම් කලාපවල බවත් සෞඛ්‍ය අංශ පසුගිය දා අනාවරණය කළේය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේ බස්නාහිර පළාත තුළ පමණක් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 63,000 ක් පමණ දිවි ගෙවන බවයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ජයන්ත කැටගොඩ දිවුරුම් දෙයි

Mohamed Dilsad

ඕමානයට එරෙහි පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකාවට ළකුණු 19 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment