දේශීය

කොළඹ දිස්ත්‍රික්කයේ සිරවී සිටි පිරිසක් අද ගම් බිම් බලා යයි

(UTV | කොවිඩ් 19) – දිවයින පුරා ‍ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් තම නිවෙස් වෙත යාමට නොහැකිව කොළඹ දිස්ත්‍රික්කයේ කැළණිය පොලිස් කොට්ඨාසයේ සිටි පුද්ගලයින් පිරිසක් අද (02) පිටත් කර හැර තිබේ.

ඒ, ඇදිරි නීතිය හේතුවෙන් තම නිවෙස්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ සිරවී සිටින පුද්ගලයින් නැවත ගම් බිම් කරා පිටත් කර යැවීම අද ආරම්භ වීමත් සමගයි.

ඒ අනුව පොලිස් වසම් 08 කට අයත් ප්‍රදේශවල සිටි 300 ක පමණ පිරිසක් දිස්ත්‍රික්ක 17ක් වෙත බස් රථ වලින් පිටත් කර හැර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය විසින් අදාල පිරිස පිටත් කර හැරිම සිදුකර ඇත.

Related posts

කේරළ ගංජා කිලෝ තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

පාසල්වල 6-9 දක්වා ශ්‍රේණි හෙට සිට ඇරඹේ

Mohamed Dilsad

රටට වරද්දපු භීෂණ කල්ලිය පරාජය කළ යුතුයි – පාඨලී චම්පික

Editor O

Leave a Comment