දේශීය

ඕමානයට එරෙහි පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකාවට ළකුණු 19 ක ජයක්

(UTV | කොළඹ) – ඕමානය සමග පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රිකට් තරගය ලකුණු 19 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.

ඕමානයේ අල් අම්රත් ක්‍රීඩංගනයේදි තරගය පැවැත්වුනේ.

කාසියේ වාසිය දිනූ ඕමාන පිළ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කලේ.

ශ්‍රී ලංකා පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4 ක් දැවී ලකුණු 162 ක් රැස් කළා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 83 ක්ද නායක දසුන් ශානක නොදැවී ලකුණු 51 ක්ද රැස් කළා.

දිනේෂ් චන්දිමාල් හා කමිදු මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන පිළ පන්දුවාර 20 තුල කඩුළු 8 ක් දැවී ලබාගත්තේ ලකුණු 143 ක් පමණයි.

නසීම් කුෂි ලකුණු 40 යි. ලහිරු කුමාර ලකුණු 30 ට කඩුලු 4 ක් දවාගත්තා.

දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය හෙට අල් අම්රත් හීදි ආරම්භ වීමට නියමිතයි.

Related posts

නිවෙස්වල භාවිතා කරන ශීතකරණ සහ වායුසමීකරණ ගැන විශේෂ අනාවරණයක්

Editor O

සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී ඉඩක් නැහැ – ජනාධිපති අනුර දිසානායක

Editor O

දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිත කෙරේ

Mohamed Dilsad

Leave a Comment