ප්‍රමුඛ පුවත 1

මැතිවරණ මහලේකම් කාර්යාලය මඟින් නිරීක්ෂණ කණ්ඩායමක්

(UTV| කොළඹ) – ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍ර නිසි පරිදි නිවාස වෙත ලබා දෙන්නේ ද යන්න පිළිබදව සොයා බැලීමට මැතිවරණ මහලේකම් කාර්යාලය මඟින් නිරීක්ෂණ කණ්ඩායමක් පත්කර තිබේ.

ඇතැම් බී සී ආකෘති පත්‍ර නිවාසවලට ලබා නොදී ග්‍රාම නිළධාරීන් විසින්ම ඒවා පුරවා මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත ලබාදී ඇති බවට වාර්තා වී තිබේ.

එම ආකෘති පත්‍ර නිවාස වෙත බෙදා හැරීමේ කටයුතු මේ දිනවල ග්‍රාම නිලධාරීවරුන්ගේ මාර්ගයෙන් සිදු කෙරෙන අතර ඇතැම් ග්‍රාම නිලධාරීවරුන්ගේ ක්‍රියා කලාපයන් පිලිබඳ පැමිණිලි ලැබී ඇති බවත් වාර්තා වේ.

අදාළ තත්ත්වය සැළකිල්ලට ගනිමින් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ කණ්ඩායම් පත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වවුනියාවේ ගැටුමක් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

හිටපු ජනපතිට එරෙහිව නොතීසි නිකුත් කරයි [VIDEO]

Mohamed Dilsad

රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment