දේශීය

නිරෝධායනය වූ තෙවන කණ්ඩායමත් අද නිවෙස්වලට

(UTV |කොළඹ ) – අද(26) දිනයේ විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතව තිබේ.

163 දෙනෙකු අද දිනයේ නිවෙස්වලට පිටත් කර හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

මේ වන විට නිරෝධායනයට ලක්වු පුද්ගලයින් 512 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට කටයුතු කර තිබේ.

තවත් තුන්දහසකට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල රැදි සිටින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

Related posts

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Editor O

සුවය ලැබූ නාවික සෙබලුන් ගණන ඉහළට

Mohamed Dilsad

රට පුර පොහොර බෙදා හැරීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment