දේශීය

රාජිතගේ ඇප නියෝගය සම්බන්ධයෙන් වන නඩුව කල් යයි

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නව ඇප මත මුදා හරිම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳව විභාගය ලබන 10 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද (05) නියම කළේය.

ඒ අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී.

රාජිත සේනාරත්න මහතාව ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

 

Related posts

අයහපත් කාලගුණයෙන් හානි වූ රට ගොඩනැගීමට සහය දෙන්න – විපක්ෂ නායක සජිත්ගේ ඉල්ලීම ට ජපාන තානාපතිගෙන් සාධනීය ප්‍රතිචාර

Editor O

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ඇපමත මුදාහැරේ

Editor O

ණය ගෙවීමේ අසීරුතාවයට පත්ව සිටින ව්‍යවසායකයින්ට සහනයක්

Editor O

Leave a Comment