Trending Newsඑසැන පුවත්දේශීය

ණය ගෙවීමේ අසීරුතාවයට පත්ව සිටින ව්‍යවසායකයින්ට සහනයක්

ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය සහන පැකේජයක් සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව , බැංකු සංගමය , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියෝජිතයන් එක්ව සහන පැකේජය සකස් කර ඇත. ඒ සඳහා අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල සහාය ද ලැබී තිබේ.

බලපත්‍ර ලාභී බැංකුවකින් ණය පහසුකමක් ලබාගෙන 2019 අප්‍රේල් පළමු වන දින හෝ ඉන් පසුව අදියර 3 කාණ්ඩ යටතේ වර්ගීකරණය කර ඇති ව්‍යවසායකයන් අදාළ ලේඛන සමග ලබන මාර්තු 31 වනදාට පෙර අදාළ බැංකු සමග සාකච්ඡා ආරම්භ කර සහන පැකේජයට ඇතුළත් වීමට හැකි බවද සඳහන්. කාණ්ඩ තුනක් යටතේ විශේෂ සහන ක්‍රියාමාර්ග යෝජනා කර තිබෙනවා.

රටේ දළ දේශීය නිෂ්පාදනයට 50%කට වඩා වැඩි ආංශික දායකත්වයක් දක්වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය වෙනුවෙන් මෙම සහන වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

Related posts

Sangakkara, SLC laud Pallekele spectators’ clean-up act post match [VIDEO]

Mohamed Dilsad

නාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් හදුන්වා දෙයි

Mohamed Dilsad

ශ්‍රි ලංකික ශ්‍රමිකයින් පිරිසක් අදත් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment