Trending Newsඑසැන පුවත්දේශීය

අයහපත් කාලගුණයෙන් හානි වූ රට ගොඩනැගීමට සහය දෙන්න – විපක්ෂ නායක සජිත්ගේ ඉල්ලීම ට ජපාන තානාපතිගෙන් සාධනීය ප්‍රතිචාර

දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ පවතින ආපදා තත්ත්වය නිසා බිඳ වැටුණු රට නැවත නගා සිටුවීමට උපකාර කර ලෙස ජපාන තානාපති අකියෝ ඉසමෝටා මහතාගෙන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළේය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සහ විපක්ෂ නාක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (01) පැවැත්වින.

විනාශ වී ඇති මාර්ග පද්ධතිය, දුම්රිය මාර්ග පද්ධතිය මෙන්ම අත්‍යාවශ්‍ය සේවා නැවත සක්‍රීය කර ගැනීම සඳහා දායකත්වය ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒ පිළිබඳ ජපන් රජය සමග සාකච්ඡා කර කඩිනමින් අධාර ලබාදීමට පියවර ගන්නා බවද ජපන් තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.

පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාව විවිධ අසීරු තත්ත්වයන්ගෙන් පසුවන විට එම අසීරු තත්ත්වයන් මගහරවා ගැනීමට සහාය වූ සමීප මිතුරකු වූ ජපානය මේ අවස්ථාවේ දී ද මානුෂීය ආධාර සහ සහන සේවා කණ්ඩායම් යොමු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජපාන තානාපතිවරයා ස්තුතිය පුද කළේය.

Related posts

கோட்டாபயவின் அமெரிக்க குடியுரிமை இரத்து [VIDEO]

Mohamed Dilsad

நீர்கொழும்பு மீனவருக்கு கோடி ரூபா அதிஷ்டம்

Mohamed Dilsad

“MR’s SLFP membership now automatically cancelled”– Mahinda Amaraweera

Mohamed Dilsad

Leave a Comment