අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගත් ගංවතුර පාලනය කිරීම සඳහා චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ කටයුතුවල යෙදී සිටියදී අතුරුදන් වූ නාවික හමුදා නිලධාරීන් පස්දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරගෙන ඇත.
නාවික හමුදා සෙබළුන් පස්දෙනා ඊයේ (30) සවස චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ මෙහෙයුමේ නිරතව සිටියදී අතුරුදහන් වී තිබේ.
අතුරුදහන් වූ මොහොතේ සිට ඔවුන් සොයා නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කළ කළ අතර, ඊයේ (30) රාත්‍රිය වන විට ඔවුන්ගේ සිරුරු හමු වූ බව නාවික හමුදාව පවසයි
