දේශීය

නව ජල සබඳතා පළමු වාරිකය රුපියල් 2500 දක්වා අඩු වෙයි

(UTV | කොළඹ) – නව ජල සබඳතාවයක් ගැනීමේදී අය කෙරෙන පළමු වාරිකය රුපියල් 2500 දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවිය.

එය මේ දක්වා පැවතියේ රුපියල් 8000 ක් ලෙසටයි.

දිළිඳු පවුල්වලට ලබාදෙන සහනයක් ලෙස එම වාරිකය රුපියල් 2500 දක්වා අඩු කිරීමට තීරණය කල බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (05) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.

Related posts

කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

“විදේශ සංචිත පහත වැටිලා” – මුජිබුර් රහුමාන්

Mohamed Dilsad

පොදු සමාව ගැන නීතීඥ සංගමයෙන් ජනාධිපතිට ලිපියක්

Editor O

Leave a Comment