Trending Newsඑසැන පුවත්දේශීය

පොදු සමාව ගැන නීතීඥ සංගමයෙන් ජනාධිපතිට ලිපියක්

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකුට නිදහස ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට දන්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර ඇත. , ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනපතිට ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර ඇත.

එහි සඳහන්වන පරිදි, 

1. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් මෙහෙයවීම, වගකිව යුතු සියලු පාර්ශවයන් හඳුනාගැනීම සහ අපරාධකරුවන්ට එරෙහිව අවශ්‍ය විනය හෝ නීතිමය පියවර ගැනීම.

2. ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම්වල විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම.

නීතිමය කටයුතු ඉදිරියට ගෙන යාමේදී ජනාධිපතිතිවරයාට, අධිකරණ අමාත්‍යාංශයට සහ අනෙකුත් අදාළ බලධාරීන්ට පූර්ණ සහයෝගය ලබා දීමට නීතිඥ සංගමය සූදානමින් සිටින බවත් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතිය අඛණ්ඩතාවයෙන් හා සාධාරණත්වයෙන් ජනතාවට සේවය කරන බව සහතික කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැපවී සිටින බවත් එම ලිපියෙන් දැනුම් දී තිබේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,

Related posts

Special Party Leaders’ meeting today

Mohamed Dilsad

සෞදියේ කාන්තාවන්ටත් රියදුරු බලපත්‍ර

Mohamed Dilsad

24 மணி நேர நீர் வெட்டு அமுலில்

Mohamed Dilsad

Leave a Comment