Trending News

සෞදියේ කාන්තාවන්ටත් රියදුරු බලපත්‍ර

(UTV|සෞදි අරාබිය) – කාන්තාවන්ට රිය පැදවිම තහනම් කර තිබු ලොව එකම රට වන්නේ සෞදි අරාබියයි.

නමුත් ඊයේ (04) එම නීතිය වලංගු නොවන බව තහවුරු කරමින් පළමු වරට කාන්තාවකට රියදුරු බලපත්‍රය නිකුත් කිරීම සිදුකර තිබේ.

පළමු කාන්තා රියදුරු බලපත්‍රය ලද කාන්තාවට විදෙස් රටක රියදුරු බලපත්‍රයක් හිමිව ඇති බව සෞදි ගමනා ගමන පාළක අධ්‍යක්ෂකවරයා පවසයි.

කෙසේ වුවත් සෞදි නීතිය අනුව ඇයගේ වාහන ධාවන හැකියාව, ඇස් පරික්ෂා කිරිම් ඇතුලු වෛද්‍ය පරික්ෂණවලින් අනතුරුව ඇයට සෞදි රියදුරු බලපත්‍රය ලබාදිම සිදු කල බවයි.

ඊයේ දිනයේදී සෞදි අරාබියේ කාන්තාවන් 10 දෙනෙකුට රියදුරු බලපත්‍ර ලබාදී තිබේ.

සෞදි ගමනා ගමන පාළක අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ඉදිරි සතිය තුල තවත් රියදුරු බලපත් 2000ක් නිකුත් කිරිමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

සෞදි අරාබියේ විශ්ව විද්‍යාල පහක් (05) කාන්තාවන්ට රිය පැදවිමේ පුහුණු පාඨමාලාවන් ආරම්භ කර තිබෙන බවද වාර්තාවේ.

ඉස්ලාම් නිතිය යටතේ කාන්තාවන්ට රිය පැදවිම තහනම්වේ.

එසේ වුවත් සෞදි අරාබියේ පාළකවරයා විසින් 2017 වසරේදි කාන්තාවන්ට රිය පැදවිමට අවසර ලබා දෙන බව ප්‍රකාශ කළ අතර එම තිරණය පිටුපස සිටියේ ඔටුන්න හිම් සල්මාන් කුමරු බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

Carrie Lam: Hong Kong leader ‘never tendered resignation to Beijing’

Mohamed Dilsad

இந்த அரசாங்கம் விடுகின்ற பிழைகளை சுட்டிக்காட்டும் ஊடகங்கள் இந்த நாட்டுக்கு தேவை – ஜனாதிபதி [VIDEO]

Mohamed Dilsad

Contempt of Court case against Gnanasara Thero fixed for Feb. 17

Mohamed Dilsad

Leave a Comment