Trending Newsඑසැන පුවත්දේශීය

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ඇපමත මුදාහැරේ

සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියම කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දරන සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක පාඩුවක් සිදුකිරීමෙන්,  දූෂණය නමැති වරද සිදුකළේ යැයි ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

Related posts

සතොසෙන්, දිනකට සහල් මෙට්‍ර්ක් ටොන් 300ක් වෙළෙඳපොළට

Editor O

சகோதரர்களுக்கு இடையே கைகலப்பு – ஒருவர் பலி

Mohamed Dilsad

இன்று அதிகாலை இடம்பெற்ற வாகன விபத்தில் மூவர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment