දේශීය

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට නොතීසි

(UTV | කොළඹ) – වැඩ තහනමට ලක්ව සිටින ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව අප්‍රේල් මස 2 වන දා ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් මොහොමඞ් මිහායි නියෝග කළේය.

අදාළ සිතාසි විනිසුරු ගිහාන් පිලපිටිය වෙත භාරදීම කොළඹ අපරාධ කොට්ඨාශය හරහා සිදුකරන ලෙස අධිකරණය දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට සිද්ධියට අදාලව අද කැදවූ නඩුවකදී එම නියෝගය නිකුත් කර ඇත.

Related posts

විකිරණ ශීල්පී කාර්යය මණ්ඩල හිඟයෙන් ප්‍රධාන රෝහල් කිහිපයක විකිරණ පරීක්ෂණ අඩාලවීමේ අවධානමක්

Editor O

හිටපු ඇමති මනූෂගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු අත්අඩංගුවට

Editor O

අගමැති කාර්යාලය අරගලකරුවන් අතට

Mohamed Dilsad

Leave a Comment