දේශීය

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට නොතීසි

(UTV | කොළඹ) – වැඩ තහනමට ලක්ව සිටින ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව අප්‍රේල් මස 2 වන දා ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් මොහොමඞ් මිහායි නියෝග කළේය.

අදාළ සිතාසි විනිසුරු ගිහාන් පිලපිටිය වෙත භාරදීම කොළඹ අපරාධ කොට්ඨාශය හරහා සිදුකරන ලෙස අධිකරණය දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට සිද්ධියට අදාලව අද කැදවූ නඩුවකදී එම නියෝගය නිකුත් කර ඇත.

Related posts

සනත් නිශාන්තට පාර්ලිමේන්තු තහනමක්

Mohamed Dilsad

සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් මෙහෙයුම් අඛණ්ඩව

Mohamed Dilsad

“ආහාර ප්‍රතිපත්ති කමිටුව” පිහිටුවීමට කැබිනට් අනුමැති

Mohamed Dilsad

Leave a Comment