දේශීය

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට නොතීසි

(UTV | කොළඹ) – වැඩ තහනමට ලක්ව සිටින ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව අප්‍රේල් මස 2 වන දා ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් මොහොමඞ් මිහායි නියෝග කළේය.

අදාළ සිතාසි විනිසුරු ගිහාන් පිලපිටිය වෙත භාරදීම කොළඹ අපරාධ කොට්ඨාශය හරහා සිදුකරන ලෙස අධිකරණය දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට සිද්ධියට අදාලව අද කැදවූ නඩුවකදී එම නියෝගය නිකුත් කර ඇත.

Related posts

ජනාධිපති සමාව ලැබූ සැකකරු අතුරුදන්…?

Editor O

ජනාධිපතිවරයෙක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගීමට තිබූ අවස්ථාව අහිමි වුණා – මනූෂ නානායක්කාර

Editor O

කොමිෂන් සභා පහක සාමාජිකයන් පාර්ලිමේන්තු සභාව තහවුරු කරයි

Mohamed Dilsad

Leave a Comment