දේශීය

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් ජනතාවට ඉල්ලීමක්

(UTV | කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෝවිඩ් 19(covid 19) හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා නිර්දේශ කර ඇති සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය දැනුම් දෙන ආකාරයට දැනට නව කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති වුවද සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතා වැදගත් වේ.

මේ අනුව නිතර සබන් යොදා දෑත් සේදීම , පොදු ස්ථානවල ගැවසීමේදී මුහුණ , කට නාසය සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකීම , කැස්සකදී හෝ කිවිසුම් යාමකදී ඉවත දැමිය හැකි කඩදාසියකින් හෝ වැලමිටෙහි ඇතුලු පැත්තෙන් මුඛය හා නාසය ආවරණය කිරීම වැනි පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මහජනතාවට දැනුම් දෙයි.

එමෙන්ම උණ , කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව , උගුරේ වේදනාව ,හෝ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ඉල්ලා සිටියි.

එවැනි රෝග ලක්ෂණ පවතින්නේනම් ජනතාව වැඩිපුර ගැවසෙන ස්තානවලින් හැකිතාක් ඉවත්වී සිටින ලෙසත් පසුගිය දින 14ක කාලයේදී සිදුකළ විදෙස් සංචාර ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවී ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ

Mohamed Dilsad

ඩෙංගු මැඩලන්න ජනපතිගෙන් සහ අගමැතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්

Mohamed Dilsad

අඩු ආදායම් ලබන පවුල්වලට සූර්ය බල උත්පාදන කට්ටලයක්

Mohamed Dilsad

Leave a Comment