Trending Newsඑසැන පුවත්දේශීය

පොලිසියේ බැලුම් තිබුණෙම නැද්ද කියල හාර හාර අහන්න එපා…! – නලින්ද ජයතිස්ස…

හිටපු කතානායක ආචාර්යය අශෝක රන්වල අනතුරට ලක්වන අවස්ථාවේ සපුගස්කන්ද පොලිසියේ මත්පැන් පානය කොට ඇත්දැයි පරික්ෂා කරන බැලුම් සැබැවින්ම නොතිබුණේ ද යන්න මත දිගින් දිගටම ඇසීමෙන් පළක් නැතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද (16) කැබිනට් මාධ්‍ය හමුවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, එම අවස්ථාවේ පොලිසිය සතුව අදාළ බැලුම් නොතිබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළ ද පසුගිය සමයේ සපුගස්කන්ද පොලිසිය බීමත් රියදුරන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන මහර අධිකරණයේ නඩු පවරා ඇතැයි මාධ්‍යවේදී සඳහන් කළ විට ඊට පිළිතුරු වශයෙනි.

රියදුරෙකු බීමත්ව සිටියේ ද යන්න හඳුනාගත හැකි එකම පරීක්ෂණය බැලුම් පිම්බීම නොවන බවත් ඒ සඳහා තවත් පරීක්ෂණ සිදුකළ හැකි බවත් ඒවා දැනටම සිදුකර ඇති බවත් පෙන්වා දෙන ඇමතිවරයා, අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි ද සඳහන් කරයි.

එහෙයින් කලබල නොවී තවත් දින කිහිපයක් ඉවසා සිටින ලෙස ද ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය..

Related posts

இன்று நாடளாவிய ரீதியில் துக்க தினம் அனுஷ்டிப்பு

Mohamed Dilsad

සායනවලින් ඖෂධ ලබා ගන්නන්ට තැපෑලෙන් ඖෂධ

Mohamed Dilsad

පවුල් ආරවුලක් නිසා සැමියා නිවසට ගිනිතබයි

Mohamed Dilsad

Leave a Comment