Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලට පත්කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනියි…!

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තනතුරුවලට පත් කිරීම වෙනුවෙන් විධායක සභාව සහ සමස්ථ ලංකා කාරකසභාව කැඳවීම පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන බැවින් ඉහත රැස්වීමේදී පත් කර ගත් තනතුරු සහ එහිදී ගනු ලැබූ තීන්දු තීරණ නීත්‍යානුකූල නොවන බව ඒ මහතා අවධාරණය කරයි.

දැනට පවතින නඩු කටයුත්ත නිමවනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගැනීමක් සිදු නොකරන බව එම ලිපියෙන් පෙන්වා දෙන දයාසිරි ජයසේකර මහතා මෙවැනි රැස්වීම් කැඳවා පාක්ෂිකයින් නොමඟ යැවීමට කටයුතු කර ඇති බව සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස සඳහන් කරමින් පාක්ෂිකයන් දැනුවත් කිරීම සඳහා දයාසිරි ජයසේකර මහතා නිකුත් කර ඇති එම ලිපිය පහත දැක්වේ…

Related posts

Premier and Defence Secretary discuss national security

Mohamed Dilsad

Zahran Hashim’s driver, spokesman & 4 others arrested

Mohamed Dilsad

විමල් අධිකරණයට එයි

Mohamed Dilsad

Leave a Comment