Trending Newsඑසැන පුවත්දේශීය

නිදහසින් අප උරුම කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

නිදහසින් අප උරුම කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

ජාතික නිදහස් දිනයේ 77 වෙනි සැමරුම කරන මේ අවස්ථාවේ අප නිදහස දිනා ගැනීම හා ඉන් අනතුරුව අපගේ මාතෘභූමිය පසුකළ කාල පරිච්ඡේදය යළිත් සිහිපත් කිරීම මේ මොහොතේ වැදගත් බව පෙන්වාදෙන ඒ මහතා නිදහස ලබාගන්නා අවස්ථාවේ අප රටක් ලෙස දුප්පත්කමින්, සෞඛ්‍යය අතින් මෙන්ම සාක්ෂරතාව සහ දැනුම අතින් ඉතා පහළ මට්ටමක පසුවූ බවද සිහිපත් කරයි.

77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරයි.

නිදහස් අධ්‍යාපනය ඔස්සේ රට පුරා පාසල් පද්ධතිය සහ විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කෙරුණු අතර ඒ හේතුවෙන් 1948 වසරේ සියයට 35ක්ව පැවැති සාක්ෂරතාව අද වන විට සියයට 95 ක් දක්වා වර්ධනය වී තිබීම අප ලැබූ ජයග්‍රහණයක් වේ. එසේම 1948 දී අවුරුදු 45ක් වූ ආයු අපේක්ෂාව අද වන විට අවුරුදු 75 ඉක්මවා යාම සෞඛ්‍යය ක්ෂේත්‍රය ලැබූ ජයග්‍රහණයකි. එමෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ආරම්භ කළ ගොවිජනපද ව්‍යාපාර මෙන්ම කඩිනම් මහවැලිය වැනි යෝධ සංවර්ධන ව්‍යාපෘති මඟින් අද වන විට හෙක්ටයාර් එකකින් ලැබූ වී අස්වැන්න කිලෝ ග්රෑම් 350 සිට කිලෝ ග්රෑම් 3500 දක්වා වර්ධනය කර ගැනීමට අපට හැකිව තිබේ යැයිද එහි දැක්වේ.

බලය ලබාගැනීමේ පටු අරමුණු හේතුවෙන්, රට ලැබූ ජයග්‍රහණ යටපත් කළ දේශපාලන මිථ්‍යාවන් නිසා අද රට මුහුණපා ඇති බරපතළ අභියෝග විචාරශීලීව විමසා බැලීම අප ලැබූ නිදහස තවදුරටත් අර්ථවත් කිරීමට හේතු වනු ඇත. පැරණි ප්‍රශ්නවලට, පැරණි පිළිතුරු නොව අලුත් පිළිතුරු ලබාදෙමින් නිදහසින් පසු අප උරුම කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීමයි. ඒ සඳහා වර්තමානය නිවැරැදිව කියවා ගනිමින් වර්ගවාදී, ආගම්වාදී පටු චින්තන පරදවා ඒකරාශි වීමට මේ නිදහස් දිනයේ අධිෂ්ඨාන කර ගනිමු යැයි සඳහන් කරයි.

Related posts

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Mohamed Dilsad

இடியுடன் கூடிய மழை…

Mohamed Dilsad

Saudi Arabia and allies to meet in Cairo to discuss Qatar crisis

Mohamed Dilsad

Leave a Comment