දේශීය

රජයේ සායන රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් අද සිට නිවසටම

(UTV | කොළඹ) – රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් ඔවුන්ගේ නිවෙස් වෙත ලබාදීමේ වැඩපිළිවෙල අද (13) දිනයෙන් ආරම්භ වනු ඇත.  

ඒ අනුව මෙහි පළමු අධියරේදී කොළඹ , ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් යොමු කිරීම සිදුවනු ඇති.

මේ අනුව නිදන්ගත රෝග සහිත වැඩිහිටි ප්‍රජාව අදාළ දිස්ත්‍රික්වල රෝහල් සායනවෙත පැමිණීම අවශ්‍ය නොවන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කළේය.

අදාළ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් තමන්ට අයත් රෝහල වෙත දුරකථන ඇමතුමක් ලබාදී තමාගේ බෙහෙත් වට්ටෝරුව රෝහල වෙත යොමු කිරීමෙන් පසු පැය 48 ක් ඇතුලත එම බෙහෙත් නිවෙස් වෙත ගෙන්වා ගැනීමට හැකියාව පවතින බව ද වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

උද්දච්ච ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණයේදී වෙන දේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගෙන් ප්‍රකාශයක්

Editor O

හෙට සිට ත්‍රිරෝධ රථ සහ යතුරු පැදිත් බස් මං තීරුවට

Mohamed Dilsad

ආදායම් නොමැති විහාරස්ථානවලට වියළි ආහාර ලබාදෙයි

Mohamed Dilsad

Leave a Comment