දේශීය

එස්.එම්. චන්ද්‍රසේන ඇතුලු 24 දෙනෙකුට නොතීසි

(UTV | කොළඹ) – අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඇතුලු 24 දෙනෙකුට ලබන 27 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය අද (02) නොතීසි නිකුත් කරනු ලැබීය.

ඒ, වන අලි – මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා සිවිල් ආරක්ෂක බලකායට ගිනි අවි 2000 ක් නිකුත් කිරීමේ කැබිනට් තීරණයට එරෙහිව ශ්‍රී ලංකා වනජීවී සහ පරිසර ආරක්ෂණ සංගමය මගින් අභියාචනාධිකරණයට ගොනුකළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීයි.

පෙත්සම අර්ජුන ඔබේසේකර සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර, විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවේ වගඋත්තරකරුවන් වන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, වනජීවී සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුලු 24 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙසටයි.

Related posts

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – පාකිස්තාන අග්‍රාමාත්‍යවරුන් අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹේ

Mohamed Dilsad

ඇල්ල බස් අනතුරෙන් මියගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට

Editor O

Leave a Comment