දේශීය

එස්.එම්. චන්ද්‍රසේන ඇතුලු 24 දෙනෙකුට නොතීසි

(UTV | කොළඹ) – අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඇතුලු 24 දෙනෙකුට ලබන 27 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය අද (02) නොතීසි නිකුත් කරනු ලැබීය.

ඒ, වන අලි – මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා සිවිල් ආරක්ෂක බලකායට ගිනි අවි 2000 ක් නිකුත් කිරීමේ කැබිනට් තීරණයට එරෙහිව ශ්‍රී ලංකා වනජීවී සහ පරිසර ආරක්ෂණ සංගමය මගින් අභියාචනාධිකරණයට ගොනුකළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීයි.

පෙත්සම අර්ජුන ඔබේසේකර සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර, විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවේ වගඋත්තරකරුවන් වන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, වනජීවී සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුලු 24 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙසටයි.

Related posts

කළුතර බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් බෝගම්බරට මාරු කරයි

Mohamed Dilsad

පාකිස්තාන බිත්තර ගැන මෙරට නිලධාරිනිය කී දෙයට එරටින් විරෝධය

Mohamed Dilsad

දිගන ආශ්‍රිතව හටගත් සුළු භූ චලනවලට හේතුව මිනිස් ක්‍රියාකාරකම් නොවේ

Mohamed Dilsad

Leave a Comment