දේශීය

කළුතර බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් බෝගම්බරට මාරු කරයි

(UTV | කළුතර) – කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් 65 දෙනෙකු මහනුවර බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

කළුතර බන්ධනාගාර ගත කෙරෙන නවක රිමාන්ඩ් පුද්ගලයන්ට පිරිමි රිමාන්ඩ් සිරකරුවන්ට අවශ්‍ය ඉඩකඩ පහසුකම් සැලසීම මෙන්ම ඔවුන් නිරෝධායනය ට ලක් කළ යුතු නිසා කාන්තා අංශයේ රැඳවියන් මෙසේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර මාරුකර යැවීමට කටයුතු කළ බව කළුතර බන්ධනාගාර රෝහලේ වෛද්‍ය සුදත් දිවාකර මොහොට්ටි මහතා අද (26) සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ පිරිමි සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්වන බැවින් එම පිරිස් වලට බන්ධනාගාරය තුළ ඉඩකඩ ප්‍රමාණවත් නොවන හෙයින් කාන්තා රැඳවියන් මෙසේ මාරුකර යැවීමට කටයුතු කර තිබේ.

Related posts

පක්ෂ නායක හමුවේදී අභ්‍යන්තර ගැටුම් උග්‍ර වෙයි

Mohamed Dilsad

තවත් ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

Mohamed Dilsad

මහ තරගය බලන්න ආ ජනපති

Mohamed Dilsad

Leave a Comment