දේශීය

තවත් ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

(UTV |කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීිතිය පනවා තිබේ.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට ද ලබන සඳුදා උදෑසන පහ වනතෙක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

මීට අමතරව මීට අමතරව වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුලවිට – උතුර, ගුලවිට – දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලන්දාව යන ගම්මාන මේ මොහොතේ සිට හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව හෙළිවෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

තාජුඩීන්ගේ මරණය සම්බන්ධ බී වාර්තාව වැරැද්දූ අයට වත්මන් ආණ්ඩුවෙන් ඉහළ තනතුරුදීලා – මුජිබුර් රහුමාන්

Editor O

Leave a Comment