දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව හෙළිවෙයි

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයෑමට හේතුව අනාවරණය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසයි.

 

ඒ අනුව අදාළ මරණ සඳහා හේතුවී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බව අනාවරණය වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

 

එසේම රෝගී ලක්ෂණ සහිත තවත් රැඳවියන් 7 දෙනෙක් බන්ධනාගාර රෝහලේ රඳවා සිටින බව ඔහු පැවසීය.

 

එම පුද්ගලයින්ට උණ සහ සමේ ආසාදිත තත්ත්වයක් පෙන්නුම් කරන බව වාර්තා වී ඇති බවද ඒකනායක මහතා පවසයි.

 

එසේ මියගොස් ඇත්තේ සහ රෝහල්ගත කර ඇත්තේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි රැඳවියන් ය.

 

සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

 

ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන්ට 1,023 දෙනෙක් මේ වනවිට රඳවා සිටිති.

Related posts

උපවාස කර මියගියත් ආණ්ඩුව වගකීම ගන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි

Editor O

මේ වසරේ ගතවූ කාලය තුළ වාහන 133,678 ලියාපදිංචි කරලා

Editor O

ලංකාවට මූල්‍යාධාර දෙන්න IMF කරන අලුත් ම වැඩේ

Mohamed Dilsad

Leave a Comment