වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධ බී වාර්තාව වැරදි ලෙස සටහන් කළ අය වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරුවල සිටින බවත් එවැනි පසුබිමක සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් බලාපොරොත්තු විය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
තාජුඩීන් ගේ ඝාතනය සිදුවූ දිනයේ නාරාහේන් පිට පොලිසියට අරලියගහ මන්දිරයෙන් දුරකථන ඇමතුම් 40 ට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙන බව පවසන මන්ත්‍රීවරයා ඒ වාර්තා සියල්ල සඟවා ඇති බව සිහිපත් කළේය.
විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව අනාවරණය කළ මුජිබුර් රහුමාන් මහතා තවදුරට මෙසේද පැවසීය.
තාජුඩීන් ගේ ඝාතනය සම්බන්ධව බී වාර්තා වැරදි ලෙස ලියපු අය අද මේ ආණ්ඩුවේ ඉහළ තනතුරුවල සිටිනවා. ඔහු ඝාතනය කරන දිනයේ නාරාහේන්පිට පොලීසියට අරලියගහ මන්දිරයෙන් දුරකථන ඇමතුම් 40 කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණාලු ඒ වාර්තා සියල්ල සඟවලා.
අදාළ දුරකථන සමාගමින් එම වාර්තා ඉල්ලා සිටියත් ඒවා ලබා දුන්නේ නැහැ. වරෙක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම දුරකථන සමාගමේ නිලධාරීන් කැඳවා එම වාර්තා ඉල්ලා සිටියා ඒවා දෙන්නේ නැත්නම් බලපත්‍රය පවා අවලංගු කරන බව එතුමා එදා ඔවුන්ට ප්‍රකාශ කළා නමුත් ලැබුණේ නැහැ.
ඒ සියලු වාර්තා මෙයාලා වැහුවේ එවකට ඒ පාලකයන්ගේ හිතවත් අය නිසයි. එහෙම කරපු අයත් අද මේ ජනාධිපතිතුමාගේ උපදේශකයෝ බවට පත්ව සිටිනවා.
ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා බබා පෙන්වන්න එපා කියලා. තවදුරටත් බබා පාට් පෙන්නන්න එන්න එපා පොරොන්දු උනානම් පරීක්ෂණ පවත්වා සත්‍ය රටට හෙළි කරන්න.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා බබා පාට් දානවා.තාජුඩීන් ගේ ඝාතනය සම්බන්ධයෙන්ද බබා පාට් දානවා දැන් මේ බබා පාට් නතර කළ යුතුයි. දැන් ආයෙත් කජ්ජා ද….?.. පොච්චද..? කියන නමක් ඉදිරියට දාගෙන සිටිනවා.මේ නම් හදිසියේම කොහෙන් මතු වුනාද කියලා අපි දන්නේ නැහැ.
තාජුඩීන් ගේ ඝාතනයට අදාළ දුරකථන සංවාද හැංගුව අය අද ජනාධිපතිතුමාගේ උපදේශකයින් බවට පත්ව සිටිනවා. මෙවැනි පසුබිමක් තුළ මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වයි ද කියන සාධාරණ සැකය අප තුළ තිබෙනවා.
එදා රාජපක්ෂ පාලන සමයේ තනතුරුවල සිටිය විශාල පිරිසක් මේ ආණ්ඩුවේ ඉහළ තනතුරුවල සිටිනවා එයාලගේ බලපෑමට අද මේ ආණ්ඩුව යට වී සිටිනවාද කියා අපි දන්නේ නැහැ.
ජනතා විමුක්ති පෙරමුණු අපහාස උපහාස නොකළ නායකයෙක් මේ රටේ නැහැ.ඕනි හැම නායකයකුටම අපහාස උපහාස කර තිබෙනවා දැන් එය ඒ අයටම පාරා වළල්ලක් බවට පත්ව තිබෙනවායැයි මහතා වැඩිදුරටත් පැවසීය.
