දේශීය

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දුම්රිය නතර නොකෙරේ

(UTV | කොළඹ) – දිවයිනේ පොලිස් වසම් 49 කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ යත්තල්ගොඩ සිට කොළඹ කොටුව දක්වාත් / පුත්තලම මාර්ගයේ වයික්කාල සිට කොළඹ කොටුව දක්වා මෙන්ම මුහුදුබඩ මාර්ගයේ බෙන්තොට සිට කටුකුරුන්ද දක්වා දුම්රිය නතර කිරීමක් සිදුනොවෙයි.

එමෙන්ම මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථානවලද දුම්රිය නැවැත්වීමක් ද සිදුනොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත්, උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් සිසුන්ගේ විභාග කාලසටහන් අනුව යොදවා ඇති දුම්රිය, සියලු දුම්රිය ස්ථානවල නතර කිරීමට කටයුතු කරනු ඇත.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශ තුළ අත්‍යවශ්‍ය සේවාවන්වල නිරත සියලු සේවකයින්ට තම රාජකාරී නිල හැඳුනුම්පත භාවිත කර අදාළ කටයුතුවල නිරත විය හැකි බවයි.

 

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් කෝටි6 මුදල් සමඟ අත්අඩංගුවට[PHOTOS]

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි 5000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment