දේශීය

මහ තරගය බලන්න ආ ජනපති

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 144 වන නිල් මහා සටන කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (17) දෙවැනි දිනටත් පැවැත්වුණි.

 

එම තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වී සිටියේය.

 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 326ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබීය.

 

ඒ අනුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණි.

 

අද දිනය නිමා වනවිට කොළඹ රාජකීය විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවි ලකුණු 168 ක් රැස්කරගෙන සිටියේය.

 

 

Related posts

විදුලි බල මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Editor O

ගම්පහ මුදල් කොල්ලයේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

Mohamed Dilsad

ජපන් ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්

Editor O

Leave a Comment