දේශීය

ෂින්ෂෝ අබේගේ අවමගුලට රනිල් යයි

(UTV | කොළඹ) – තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (25) රාත්‍රී ජපානය බලා පිටත්ව යාමට නියමිතය.

එහිදී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමටය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රටවල් 217ක ආරාධිතයින් 700 දෙනෙකු පමණ අවමංගල්‍ය උත්සවයට සහභාගීවන බව වාර්තා වේ.

මේ හේතුවෙන් ජපානයේ ටෝකියේ අගනුවර විශේෂ ආරක්ෂක ක්‍රමවේදයක් යොදවා ඇති බව වාර්තා විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානය තුළ රැදී සිටින කාලය තුළ ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ නායකයින් රැසක් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Related posts

කෝටියකට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලිනොච්චියේදී අත්අඩංගුවට

Mohamed Dilsad

විෂ දුමාරයක් නිසා 10 දෙනෙක් රෝහලේ

Mohamed Dilsad

දරුවන්ට අහිමිව ගිය සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක්

Mohamed Dilsad

Leave a Comment