දේශීය

විෂ දුමාරයක් නිසා 10 දෙනෙක් රෝහලේ

විෂ දුමාරයක් ආඝ්‍රාණ වීමෙන් තලවකැලේ ප්‍රදේශයේ කාන්තාවන් 09ක් සහ එක් පිරිමි පුද්ගලයෙක් රෝහල්ගත කර තිබේ.

 

ඊයේ (19) සවස් කාලයේ තලවකැලේ නගරයේ පිහිටි රෙදිපිළි සහ විසිතුරු භාණ්ඩ වෙළෙඳසැලක සේවකයින් පිරිසක් විෂ දුමාරයක් ආඝ්‍රාණයවීමෙන් ප්‍රතිකාර සඳහා තලවකැලේ රෝහලට ඇතුළත් කර ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කෙරුණි.

 

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අවුරුදු 20ත් 22ත් අතරේ පසුවන තලවකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

 

අදාළ ප්‍රදේශයේ විදුලිය විසන්ධිවී ඇති අවස්ථාවක වෙළෙඳසැලේ විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් පසුව එම විදුලි ජනක යන්ත්‍රයෙන් නිකුත් වූ දුමාරයක් ආයතනයේ සේවකයින්ට විෂ වී ඇති බව පොලීසිය පවසයි.

 

විෂ දුමාරය ආඝ්‍රාණයවීමෙන් රෝගීවූ පිරිස ලිඳුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ගුවන් යානා අනතුරට තවමත් හේතුවක් නැහැ

Mohamed Dilsad

සජිත් – මෛත්‍රී අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

මැතිවරණයට අදාළ පෙත්සම විභාගයට ගැනීමේ තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment