දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

 

ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුමට සාමකාමී විසඳුමක් සඳහා ක්ෂණික මැදිහත්වීමක් සිදුකරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටීම පිළිබඳ කල්තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට‍ නියමිතය.

 

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගෙන තිබුණි.

 

යුදගැටුම් හේතුවෙන් දහස් ගණනක් ජනතාව මියගොස් ලක්ෂ ගණනක් අවතැන්වීම, විශාල ශ්‍රී ලංකිකයන් පිරිසක් මැදපෙරදිග සේවය කිරීම, ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල ඉහළයාම ඇතුළු ආර්ථික අහිතකර තත්ත්වයන් ඇතිවීම යනාදී කරුණු විවාදය පැවැත්වීමට හේතුවී තිබේ.

 

ඒ අනුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසීමකින් තොරව අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

Related posts

විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

Mohamed Dilsad

ජින්තුපිටියේ ආසාදිතයා ඇසුරුකල 143 දෙනෙක් නිරෝධායනයට

Mohamed Dilsad

කෘෂිකර්මය දියුණු කරද්දී රාජ්‍ය පෞද්ගලික අංශ කඹ අඳින්න එපා

Mohamed Dilsad

Leave a Comment