ක්‍රීඩා

ක්‍රිකට් නායකයා අද යළි දිවයිනට

(උදයම්,කොළඹ ) –   ශ්‍රී  ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි විස්‌සයි විස්‌ස තරගයේදී පාදයේ ආබාධයකට ලක්‌වීම සහ පිය පදවිය ලැබීමට නියමිත හෙයින් දකුණු අප්‍රිකානු සංචාරය අතර මැද ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර තිබේ.

 

ඒ අනූව ඇන්ජලෝ මැතිව්ස්‌ අද (24 දා) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඒ වෙනුවට ශ්‍රී ලංකා කණ්‌ඩායමට උපුල් තරංග සහ කුසල් ජනිත් පෙරේරා එක්‌ කිරීම කෙරෙහි ඊයේ පස්වරුව‌ වන විටත් සාකච්ඡා මට්‌ටමේ පැවතුණි.

 

“කවුද යවන්නෙ කියල තවම සාකච්ඡා කරනවා. මැතිව්ස්‌ වෙනුවට අත්දැකීම් තියෙන කෙනෙක්‌ කණ්‌ඩායමේ සිටිය යුතුයි.”.යයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති සනත් ජයසූරිය මහතා පවසා සිටියේය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකුට ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

එංගලන්ත සංචිතයේ වෙනසක්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට කඩුළු 10කින් පහසු ජයක්

Mohamed Dilsad

Leave a Comment