ප්‍රමුඛ පුවත 1

වැසි තත්ත්වයේ වර්ධනයක්

(උදයම්,කොළඹ)   –  දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තරමක් දුරට වර්ධනයක් විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (02) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ. (විශේෂයෙන් කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල) මි.මි. 100 පමණ තද වැසි බලාපොරොත්තු විය හැක.

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් විශේෂයෙන් සවස්කාලයේදී වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

වැසි ඇතිවන අවස්ථා වලදී  දිවයින හරහාවිටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇතිවන බවද නිකුත් කළ කාලගුණ අනාවැකිය සඳහන් කරයි.

Related posts

ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ කේන්ද්‍රස්ථානයක් කිරීමට චීනය සුදානම්

Mohamed Dilsad

විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට විජයකලාට අවසර

Mohamed Dilsad

Leave a Comment