ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

(උදයම්,යාපනය)  –  නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 13 දෙනෙකු නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගැනේ.

ඩෙල්ෆ් දුපතට ආසන්න ප්‍රදේශයේදී මෙම ධීවරයන් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අයත් නෞකාවකට සහ යාත්‍රාවට අයත් නාවික භටයන් පිරිසක් විසිනුයි මෙම ධීවරයන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී ඉන්දීය ධීවරයන් සතුව තිබු ට්‍රෝලර් යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගැනුණි.

මෙම ධීවරයන් සහ යාත්‍රා විමර්ශණ සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදීමට  නියමිතයි.

Related posts

“සුවසැරිය” දෙවන අදියරටත් සුදානම්

Mohamed Dilsad

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නීතිපති වෙත

Mohamed Dilsad

එංගලන්ත ජාතිකයෙකු දියේ ගිලී මරුට

Mohamed Dilsad

Leave a Comment